Sunday, November 24, 2024

‘වැටුණු තැනින් නැගිටිමු’

Must read



‘වැටුණු තැනින් නැගිටිමු’ යන තේමාව යටතේ ජනවාර්ගික විමුක්තිය උදෙසා පොතුවිල් සිට මුල්ලිවයික්කාල් දක්වා ජනතා රැලිය (මැයි 18) තෙවැනි දිනටත් අද (2022.5.17) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශිවන්කෝවිල් ඉදිරිපිටින් ආරම්භ විය.
උතුරු නැඟෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් මෙම රැළිය සංවිධානය කර තිබුණි.
2009 යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදු වූ ජන සංහාරය සිහි ගන්වමින් සුවන්කෝ ඉදිරිපිටදී මුල්ලිවයික්කාල් කැඳ ජනතාවට ලබාදෙන ලදී.
පූජ්‍ය පක්ෂය, ස්වදේශීය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වී.නිමාලන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිරුමලෙයි නවම් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වී රැලිය ආරම්භ කළහ.
අද (17) ආරම්භ වූ ජන රැලිය අනුරාධපුර මංසන්ධිය හරහා කන්නියාවට පැමිණ එතැන් සිට වව්නියාව නෙඩුන්කේනි චෙට්ටිකුලම මාර්ගය ඔස්සේ මුලතිව් වෙත ළඟා වීමට නියමිතයි.
මෙම පෙළපාලිය ඉදිරි දිනවලදී (2022.5.18) වන දින මුල්ලිවයික්කාල් අනුස්මරණය උතුරු පළාතේ සිට පැමිණෙන අතුරුදහන් වූවන්ගේ පෙළපාලියට සම්බන්ධ වී අනුස්මරණ උත්සවවලට සහභාගී වේ.
මේ අතර ඊයේ (16) මඩකලපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ වූ රැළිය වාලච්චේන, වාගරෙයි, මුතූර් මාර්ග ඔස්සේ පස්වරු 6 ට ත්‍රිකුණාමලයට ළඟා විය.
මුල්ලිවයික්කාල් ඛේදවාචකය සිහිපත් කරමින් මුල්ලිවයික්කාල් කැඳ බෙදාදීමේ අවස්ථාව 2022.5.12 දින සිට නැඟෙනහිර විවිධ ස්ථානවල සමරද්දී පොතුවිල් නගරයෙන් මෙම රැලිය ආරම්භ වීම විශේෂත්වයකි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article