මඩකලපුව ග්රාන් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරුන්ගාලිචේන ප්රදේශයේදී වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයා කින්නියාඩි ජංගරන් පාරේ පදිංචි පී.අනන්තන් (49) දෙදරු පියෙකි.
ඊයේ (3) උදෑසන මෙම පුද්ගලයා වසායිචේන ප්රදේශයෙන් මාළු රැගෙන ග්රාන් ප්රදේශයේ අලෙවි කිරීමට යමින් සිටියදී මාර්ගය හරහා සිටි වන අලියෙකු ඔහුව ලුහුබැඳ ගොස් පහරදී තිබෙනවා.
කරන්ගාලිචේනයි ගම්මානයේ අලි ඇතුන්ගේ ගැවසීම නිසා ඇතිවන කරදර හේතුවෙන් ජනතාව ජීවිත බියෙන් ජීවත්වෙති.
සවස් වන විට ගමට ඇතුළු වන වන අලි ප්රයෝජනවත් ගස්, කුඩා ගෙවතු වගාවන්, වැටවල් කඩා විනාශ කර දඩයම් කරති. පලතුරු වාරය හේතුවෙන් අලි ඇතුන් ආහාර සොයාගෙන නගරයට පැමිණේ.
ඉන්පසු අසල ඇති ගඟෙන් එතෙර වී දිවා කාලයේ සැඟවුණු ස්ථානයක අතුරුදහන් වී සවස් වරුවේ නැවත නගරයට පැමිණ විනාශකාරී ලෙස හැසිරෙයි. මේ නිසා ජනතාවට අනාරක්ෂිතව මෙන්ම බියෙන් ජීවත් විමට සිදුවී තිබේ.
එබැවින් වනජීවී නිලධාරීන් දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලියාගේ ගමන පාලනය කරන ලෙසයි.
රුද්රා