Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ නවක වද සිදුවීම : සිසුන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක්

Must read

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසක් වෙත නවක වදය ලබාදුන් සිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට ඉල්ලමින් කාන්තා සංවිධාන නියෝජිතවරියන් පිරිසක් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත විය.

විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ  පළමු වසර සදහා ඇතුලත් වූ සිසුවියන් පිරිසකට නානකාරම හා වැසිකිළි වෙත ගොස් නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගන්නා ලෙසට   විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ සිසුන් 8 දෙනෙකු පමණ බලපෑම් එල්ල කොට ඇති බව ඒ සම්බන්දයෙන් මේ වන විට යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාලය කොමිෂන් සභාව වෙත පැමිණිළි කොට ඇති බව විරෝධතාකරුවන් පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් කඩිනමි පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියද යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය වෙත නියෝග කොට ඇත.

සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් සිදුකළ විමසීමකදී විශ්ව විද්‍යාල බලධාරීන් පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේද නියෝග යටතේ පරීක්ෂණයක් පවත්වන බවයි.

සිදුවීමට අදාල ජේ්‍යෂ්ඨ සිසුන් අතරින් පිරිසක් මේ වන විට සැගවි ඇති බවට තොරතුරු පවතින බවද විශ්ව විද්‍යාල සිසුන් පැවසූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article