Saturday, September 21, 2024

යාපනය – මුලතිව් මාර්ගයේදි බස්රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් 40ක් පමණ තුවාල ලබයි

Must read


මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අද (20) පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් විශාල පිරිසක් තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ. යාපනය මුලතිව් මාර්ගයේ ධාවනය වූ එක් පෞද්ගලික බස් රථයක් පමණක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් අනතුරින් මගීන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පෞද්ගලික බස් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. මුලතිව් පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article