යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ දෙමළ ජන ඝාතනය සිහිකරන ස්ථානය වන මුල්ලිවයික්කාල් අනුස්මරණ අංගනයේ පැවැත්වීමට නියමිත දෙමළ සංහාරය සැමරීමේ උත්සව මේ මස 18 වැනිදා පැවැත්වීමට නියමිතය. එහි තත්ත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ව පොලිසිය විසින් ප්‍රශ්න කර තිබේ. මුල්ලිවයික්කාල් අනුස්මරණ සංකීර්ණය අසළ යුද හමුදාව යොදවා ඇති අතර එම ස්ථානයේ පොලිස් මුර සංචාරයේ නිරත වන බවද වාර්තා වේ.
මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතා මුල්ලිවයික්කාල් අනුස්මරණ අංගනයට ගොස් වීඩියෝගතකර පසුව නැවත මාධ්‍යවේදියා නැවත මුල්ලිවයික්කාල් අනුස්මරණ අංගනයට පැමිණි අවස්අථාවේදී එසේ වාර්තා කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමසීමක් කර තිබේ.
මුල්ලිවයික්කාල් සමූල ඝාතන සතියේ ජනතාවට බියක් ඇතිකරලීමේ අරමුණින් පොලිසියට තර්ජනය කරමින් මුල්ලිවයික්කාල් හමුදා සහ හමුදා විමර්ශකයින් සමග සිය මෙහෙයුම් අරඹා ඇත.