මුලතිව් දිස්ත්‍රික්කයේ පසුගිය දින දෙක තුළ පවතින අධික වර්ෂාව සහ මැන්ඩස් සුළි කුණාටුව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 181 කට අයත් පුද්ගලයින් 1124 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ එක් නිවසකට පූර්ණ හානි සහ නිවාස 180 කට අර්ධ හානි සිදුව ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ගවයින් 648 ක් සහ එළුවන් 166 ක් ඇතුළු පශු සම්පත් 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුකායි, මාන්තෙයි නැඟෙනහිර, ඔටුසුට්ටාන්, පුදුකුඩිරිපු, කරෙයිතුරෙයිපේටු සහ මනලාරු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පවුල් 181කගේ නිවාසවලට අඛණ්ඩව පවතින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් හානි සිදුවී ඇත.එක් නිවසක් සම්පූර්ණයෙන් හා නිවාස 180කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
ආපදා කළමනාකරණ ඒකකයේ තොරතුරුවලට අනුව මෙම නිවාසවල වහල ප්‍රදේශවලට ගස් කඩා වැටීමෙන් සහ සුළඟ හේතුවෙන් නිවාසවල වහලයට හානි සිදුවී ඇති අතර තාවකාලික නිවාස බොහොමයකට හානි සිදුව ඇත.
ඒ සමගම ගංවතුරෙන් විපතට පත් නිවාසවලට අයත් පවුල් 20කට අයත් පුද්ගලයන් 64 දෙනෙකු තම ඥාතීන්ගේ නිවෙස්වල නවාතැන් ගෙන සිටින අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගවයින් 800කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව දැනගන්නට ඇත.
ඒ සමඟම මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල වැව් ජලයෙන් යටවී උඩයිගර්කට්ටු පොකුණ කැඩී යාමේ අවදානමක් මතුව තිබූ අතර ආපදා කළමනාකරණ ඒකකය මඟින් පොහොර මිටි 1500ක් ලබාදුන් අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයා ප්රමුඛ කාර්ය මණ්ඩලය සහ එහි නියෝජිතයන් එක්ව සිටියහ.
ඒ සමගම සුළඟ හා වර්ෂාව හේතුවෙන් තැනින් තැන ගස් කඩා වැටී මාර්ග ගමනාගමනය ඇණහිට ඇති අතර විදුලි සංදේශ හා විදුලි රැහැන්වලටද බලපෑම් එල්ල වූ අතර ඒවා මේ වන විට ක්‍රමයෙන් අලුත්වැඩියා කර ඇත.
එමෙන්ම අධික ශීතල හේතුවෙන් විශේෂයෙන් එළුවන්, එළදෙනුන්, කුකුළන් ආදී සතුන් සිය ගණනින් මියයාම හේතුවෙන් ගොවීන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ පා සිටින අතර මේ සඳහා රජයෙන් වන්දි ලබාදිය යුතු බවත් තම ජීවනෝපායද අඩාල වී ඇති බවත් ඔවුහු සිය කනස්සල්ල පළ කරති.
මේ අතර වෙරළාසන්න ප්‍රදේශවල ගම්මානවලට ඇතුළු වූ ගංවතුර ජලය මුහුදට හරවා යවා ඇතත් පහත් බිම්වල නිවාස තවමත් ජලයෙන් යටව පවතී.
ෂන්මුගම් තවසීලන්