Saturday, November 23, 2024

පොලිසිය සහ රජය යුක්තිය පසිඳලීමට පසුබට නොවිය යුතුය. නැගෙනහිර මාධ්‍ය සංසදය

Must read

පොලිසිය සහ රජය යුක්තිය පසිඳලීමට පසුබට නොවිය යුතුය. – නැගෙනහිර මාධ්‍ය සංසදය.



පසුගිය බ්‍රහස්පතින්දා (25) ත්‍රිකුණාමලයේදී සහ සෙනසුරාදා (27දා) මුලතිව්හිදී මාධ්‍යවේදීන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දකිමින් නැගෙනහිර මාධ්‍ය සංසදය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මාධ්‍යවේදීන්ට සිදුකළ ප්‍රහාරය හෙළාදකිමින් තවදුරටත් ඔවුන් මෙසේ සදහන් කර ඇත.
‘ මාධ්‍යවේදීන් ස්වාධීන වන අතර කිසිවෙකුට ඔවුන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් හසුරුවා ගත නොහැක. ඒ සෑම අවස්ථාවකදීම, කෙතරම් කි බාධක තිබියදීත්, ඔවුන් එය අත්නොහැර සිටිනු ඇත. පෑන අතටගත් සටන්කාමීන් ආයුධවලින් මර්ධනය කළ හැකි යැයි සිතන අය ඒ චින්තනය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය.  මාධ්‍යවේදීන් විසින් තොරතුරු ජනතාවට හෙළිදරව් කිරීම වැලැක්වීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශය නිසි පියවර ගත යුතුය. පසුගියදා ත්‍රිකුණාමලයේ සහ මුලතිව් ප්‍රදේශවලදී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට පොලිසිය සහ රජය පසුබට නොවිය යුතුයි.
විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර මාධ්‍යවේදීන් ඉලක්ක කර මර්ධනය කිරීමට ගන්නා උත්සාහයන් රජය විසින් වැළැක්විය යුතු අතර රජය නිසි පියවරක් නොගතහොත් එය වැට හේත්තු වීමක් හා සමානය. ‘

නැගෙනහිර මාධ්‍ය සමාජය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article