Saturday, September 21, 2024

පොලිස් පහර කෑමට ලක්වූ ‘විදූෂන්’ ගේ සිරුර ගොඩගැනීමට අධිකරණ නියෝග

Must read





ජුනි මස 03 වනදා පොලිස් අත්අඩංගුවේදී මියගිය චන්ද්‍රන් විදූෂන් නැමැති 21 හැවිරිදි  තරුණයාගේ මරණය සම්බන්ධ දෙවන මරණ පරීක්ෂණ සදහා දේහය ගොඩගැනීමට පසුගියදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. මෙම මරණය සැකසහිත බව ඔහුගේ දෙමාපියන් විසින් මරණය සිදුවු දිනට පසුවදාම (ජුනි 04) චෝදනා කරන ලදි. මඩකලපුව පොලිසියේ නිලධාරීන් විසින් විදුෂන් අත්අඩංගුවට ගැනිමට පෙර ඔහුගේ නිවසේදීම ඔහුට දරුණු ලෙස පහරදුන් බව දෙමාපියන් හා නැගණිය ප්‍රකාශ කරන ලදී. මෙම මරණයට හේතුව ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබාදුන් පළමු පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාවේ සදහන් වී තිබුණේ විදූෂන් මියගොස් ඇත්තේ අයිස් නමැති මත්ද්‍රව්‍ය   පැකට්ටුවක් ගිලදැමීම නිසා ඇතිවූ අභ්‍යන්තර පිපිරීමක් බවයි. නමුත්  ඔහුගේ දෙමාපියන් හා සොහොයුරිය පැවසූවේ  සිය පුත්‍රයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් ඔහුට පොලු වලින් පහරදුන් බවයි. පවුලේ අයගේ දැඩි මැදිහත්වීම මත ඔහු වෙනුවෙන් ඉදිරිපත්වී ඇති නීතිඥයින් විසින් පළමු මරණ පරීක්ෂණය අභියෝගයට ලක්කර ඇති අතර ඔවුන් පවසන්නේ ඔහුට වධහිංසා පැමිණවූ බවට සලකුණු තිබෙන බවයි.
විදුෂන්ගේ මරනය සම්බන්ධ පරීක්ෂනය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එරාවුර් පොලීසිය වෙත බාරදුන් අතර පවුලේ සාමාජිකයින් විසින් පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරන ලදී.

සබැදි පුවත්
පොලීසියේ පහරකෑමට ලක්වූ විදූෂන් ගේ මරණය සැකසහිතයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article