Saturday, November 16, 2024

දින 100 විරෝ්තාවයට ඒක්වූ කදිරවේලී ජනතාව නීතිවිරෝධී ඉල්මනයිට් කැනීම් නවත්වන ලෙස ඉල්ලයි

Must read

දින 100 ක්‍රියාකාරී ජනතා හඬ අද 2022.08.29 මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරෙයි ප්‍රදේශයේ කතිරවේලි ගම්මානයේදී පැවැත්විණි. “උතුරු නැගෙනහිර ජනතාවට ගෞරවනීය අයිතීන් සහිත දේශපාලන විසඳුම” දින සියයේ විරෝධතාවයේ විසිනව වන දිනය අද 29 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරෙයි ප්‍රදේශයේ කතිරවේලි ගම්මානයේදී පැවැත්විණි. කදිරවේලි ගම්මානයේ ධීවර සමිති ගොඩනැගිල්ල අසලින් විරෝධතාව ආරම්භ වූ අතර ජනතාව වෙරළේ රැස්වී සිටියහ. ඔවුන්ගෙ ඉල්ලීම් ලෙස, ”  ස්ථිර දේශපාලන අයිතිවාසිකම් , ඉඩම් අවශ්‍යතාවය, ගමන් බිමන් යාමට ඇති අයිතිය, කතා කිරීමේ නිදහස, එක්රැස්වීමේ අයිතිය, වැනි ඉල්ලීම් ඉදිරිපත් කර සිටියහ. ඒමෙන්ම මෙම  උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්වූ ජනතාව  නීතිවිරෝධී ඉල්මනයිට් කැණීම් ඇතුළු ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටළුද ඉදිරිපත් කරන ලදී.

 

වී.රාජ්කුමාර් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article