Saturday, September 21, 2024

” ශ්‍රී ලංකා නාවුක නෞකා ගෝටාභය ” කඳවුරට ජනතා පවරා ගැනීමට ජනතා විරෝධය

Must read

මුලතිව් වට්ටුවාගල් ප්‍රදේශයේ පිහිටි ‘ශ්‍රී ලංකා නාවුක නෞකා ගෝටාභය ‘ නාවික හමුදා කඳවුර සඳහා අක්කර 617ක ඉඩම් අත්පත් කර ගැනීමේ ඉඩම් මැනීමේ ක්‍රියාවලිය සිදුකරන බවට ලද තොරතුරක් මත  ඉඩම් හිමියන් රැසක් අද (16) නාවික හමුදා කඳවුර ඉදිරිපිටට රැස්වී විරෝධය පළකර තිබේ

මුලතිව් වට්ටුවාගල් ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් අක්කර 617ක් පසුගිය වසර 13ක පමණ කාලයක සිට නාවික හමුදාව විසින් අත්පත් කරගෙන දැවැන්ත නාවික කඳවුරක් පිහිටුවා ඇති අතර එම ඉඩම යුද හමුදා කඳවුරේ අවශ්‍යතා සඳහා ස්ථිරවම අත්පත් කර ගැනීම සඳහා පසුගිය කලයේ දැරෑ උත්සාහය ඉඩම් හිමියන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ විරෝධය හේතුවෙන් අත්හැර දමන ලදී.

Sri Lanka Navy renews efforts to grab 617 acres of Tamil land for 'Gotabaya Navy Base' | Tamil Guardian

ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව දිගින් දිගටම ජනතා විරෝධය එල්ල වීම නිසා මිනින්දෝරු කටයුතු සිදු වී නොමැත.මේ තත්ත්වය තුළ අද (16) දිනයේ මිනින්දෝරු කටයුතු සිදුවන බවට ලද තොරතුරක් මත ජනතාව එම  ප්‍රදේශයට  පැමිණෙන තිබුණි

මෙම ඉඩම් වල සමහර හිමිකරුවන් කොළඹ පදිංචිකරුවන් වන අතර ඔවුන්  රජයට මෙම ඉඩම් පැවරීමට කැමැත්තක් දක්වන අතර  මේ සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ විරෝධයක් පවතී.

රජය විසින් තම බිම් තමන්ට ලබාදිය යුතු බවත් ඔවුන්ට තමන්ගේම ඉඩමේ ජීවත් වීමට අවශ්‍ය බවත් වන්දි හෝ ආදේශක ඉඩම් ඉල්ලා නොසිටින බවත් ඉඩම් හිමියෝ පවසා සිටිති.

ජනතා විරෝධය එල්ල වන අවස්ථාවේ ඉඩම් මැනීමේ මෙහෙයුම සඳහා කිසිවකුත් පැමිණි නොසිටි  නමුත් අද (16) රහසිගතව මිනුම් සිදු වනවාදැයි සැක කරන බව ඉඩම් හිමියෝ පවසා සිටිති.

මෙම අවස්ථාවේදී ඉඩම් හිමියන් සමඟ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩී.රවිකරන් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ

ෂන්මුගම් තවසීලන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article