රටේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ එදිනෙදා කුලී වැඩ කරන සේවක සේවිකාවන් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා.
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පුතියනගර් ගම්මානයේ තාවකාලික නිවසක ජීවත්වන සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් දෛනික පෙදරේරු කර්මාන්තයේ නියැළෙන පවුලකට අත්විඳින අවාසනාවන්ත තත්ත්වයයි මේ. මසකට දින විස්සක් පමණක් වැඩ කරන මේ පවුලට දිනකට ලැබෙන්නේ රුපියල් 800ක් පමණක් බවත් සිසුන්ට ආහාර සහ උපකාරක පන්ති සඳහා දිනකට රුපියල් 3000ක් පමණ අවශ්‍ය බවත් පියා කඳුළු සලමින් පවසයි.
දිනෙන් දින ඉහළ යන මිල ගණන් අතර රුපියල් 800 ක වැටුපක් ලබාගෙන රුපියල් 3000 ක් වියදම් කරමින් කුමක් කළ යුතු දැයි නොදැන ස්ථීර නිවසක් නොමැතිව විවිධ දුක් ගැහැට මැද ඔවුන් ජීවත් වෙති. රටේ ඉහළ යන මිල ගණන්වලට අනුව විවිධ පවුල් මෙවැනි අකරතැබ්බයකට තල්ලු වී තිබීම විශේෂත්වයකි.
ෂන්මුගම් තවසීලන්