Saturday, December 28, 2024

අම්පාර ජනතාවට වල්අලින්ගෙන් හිරිහැර

Must read

අම්පාර දිස්ත්‍රික්කයේ, අට්ටාලයිචේන සම්මන්තුරේ නවතාන්වේලි කල්මුණේ චෛන්තමරුදු කරෙයිතිව් නින්දවූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන අලි ප්‍රශ්නය යළිත් ඉහළ ගොස් ඇති අතර එය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

සවස් වරුවේ සහ රාත්‍රී කාලයේ ගම්වලට ඇතුළු වන අලි ජනාකීර්ණ ප්‍රදේශවල සහ කුඩා කුඹුරුවල ප්‍රයෝජනවත් ගස් හා වගාවන් විශාල ප්‍රමාණයක් විනාශ කරයි.

පසුගිය කාලයේ මෙම ප්‍රදේශවල සිටින වන අලි මර්දනය සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මගින් අලි වෙඩි ජනතාවට ලබාදී තිබුණා. කෙසේ වෙතත් අලි තර්ජන තවදුරටත් පවතින අතර අලි පාලනයට විකල්ප මාර්ගයක් සොයා දෙන ලෙස ජනතාව ඉල්ලීමක් කර ඇත.

රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article