Wednesday, December 25, 2024

TID යේ අභුත චෝදනාවට ලක්වූ  යාපනය නගරාධිපති නිදොස් කොට නිදහස්

Must read

යාපනයේ නගරාධිපති  විශ්වලිංගම්  මනිවන්නන් මහතා  ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් 2021 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූණි.  ඔහුුට ඒරෙහිව සිදුකළ චෝදනාව වුයේ යාපනයේ පරිසරය සුරැකිමේ  කාර්ය සාධක බලකාය විසින් පැළඳ සිටි නිල ඇඳුම් එල්ටීටීඊයේ දෙමළ ඊළාම් පොලිසිය විසින් කලින් පැළඳ සිටි නිල ඇඳුමට සමාන බවත්, එමගින් එල්ටීටීඊය නැවත පණ ගැන්වීමේ උත්සාහයක්  ඇති බවත්ය. මෙම අත්අඩංගුවට ගැනීම  ඒම අවස්ථාවේදී  ජාත්‍යන්තර  ප්‍රජාවගේ අවධානයට ලක්වූ අතර  එය හෙළා දකිමින් ලොව පුරා හඬක් නැගුනි. අවසානයේ ඔහු නිදොස් කොට නිදහස් කර ඇත. පසුගිය ජූලි 20 වනදා අදිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ  ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව අවසානයේ යාපනය අධිකරණයට නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව දැනුම් දීමෙන් අනතුරුවයි. නඩුවේ සාක්ෂි ලෙස අධිකරණයේ තබා තිබූ නිල ඇඳුම් ද නගර සභා සේවකයින්ට බාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

තමන්ගේ ප්‍රදේශයේ  පවිත්‍රතාවය රැකීමට පියවර ගැනීම වරදක් නම්, අපි එම වැරැද්ද දිගටම කරනවා” යැයි එවකට යාපනය නගරාධිපති මනිවන්නන්  පැවසීය.

“මාව අත්අඩංගුවට ගැනීම පිළිකුල් සහගතයි. එය යාපනය නගර සභාවේ ස්වාධීනත්වයට අගෞරවයක්. ඔවුන් කියා සිටියේ මම නිල ඇඳුමෙන් එල්ටීටීඊය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන බවයි. එහෙත් නගර සභාවේ ස්වාධීන කටයුතුවලට මැදිහත් වීමට පොලිසියට බලයක් නැත. පොලිසියේ කෲරත්වයට එරෙහිව නීතිමය සටනකට යන්න මම සූදානම්.”

සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම සහ කුණු දැමීම සහ කෙළ ගැසීම වැනි පාරිසරික උල්ලංඝනයන්ට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද කාර්ය සාධක බලකාය දැන් යළිත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

නිදර්ශන් විනෝත් 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article