Thursday, January 23, 2025

LTTE ය විසින් පුදුකුඩිරිප්පුවේ වළ දමා තිබූ දැවැන්ත තෙල් කන්ටේනරයක් ගොඩගනියි

Must read

 

ඉයේ (30)  මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිපු  ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී  එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පොළවේ වළ දමා තිබූ දැවැන්ත ඉන්ධන කන්ටේනරයක් ගොඩගෙන තිබේ. මෙම ඉන්ධන පිරවූ කන්ටේනරයක් පොළොවේ ඇති බවට පුදුකුඩිරිප්පු පොලිසියට සහ යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ආර්.සරවනරාජා මහතාගේ අවසරය මත ඊයේ පෙරවරුවේ කැණීම් කටයුතු සිදු කර ඇත.

මුලතිව් දිසා මහේස්ත‍්‍රාත් අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ ගමේ සේවකයන්, පොලිසිය සහ යුද හමුදාවද එක්ව එම ප‍්‍රදේශය බර යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් කැණීම් කර ඇත.

ඉහත සඳහන් ඉන්ධන ටැංකිය වළ දැමූ ස්ථානයේ ස්ථාන තුනක පොළව හාරා ඇති අතර, ඉන්ධන ටැංකිය ස්ථාන දෙකකින් කපා ඇති අයුරු දැකගත හැකි විය. ටැංකිය අඩි 16.3ක් සහ දිග අඩි 7.9ක විශ්කම්භයකින් යුක්ත වන අතර  ඉන්ධන ටැංකියේ කැපුම් පෙදෙස භූමිතෙල් ගඳකින් යුක්ත විය.
සොයාගත් ඉන්ධන කන්ටේනරය සුරක්ෂිතව තබා ගැනීම සඳහා පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article