පෙබරවාරි 26 වනදා මඩකලපුව වන්තාරුමුලෙයි පොදු වෙළඳපොළ ප්‍රදේශයේදී ප්රවෘත්ති වාර්තා කිරීමට ගිය IBC ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉලට්සුමනන් දේවප්රදීපන්ට (නාරායනන්) පහර දුන් පුද්ගලයා එරාවුර් පොලිසිය විසින් ඊයේ (28) වනදා අත්අඩංගුවට ගන්නා ලදි. පසුව එම සැකකරුව 28 වනදා සවස කලුවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මෙම සැකකරු මාර්ත මස 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබේ. එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවාක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරුයා විසින් පොලීසියට නියෝග කර තිබේ.
නගර සංවර්ධන සැලැස්ම යටතේ වන්නරුමූලෙයි පොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ අනුස්මරණ බස් නැවතුම්පොළක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ ඥාතීන් යුක්තිය ඉල්ලා , 2022.2.26 වන දින ඔවුන් විරෝධතාවක නිරත විය. සිද්ධිය වීඩියෝ කිරීමට උත්සාහ කළ ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ පහර දී තර්ජනය කරන ලදි. මෙම සිදුවීම මේ වනවිට
විවිධ මාධ්‍ය ආයතන විසින් හෙළා දැක ඇත.
රුද්‍රා