Saturday, November 23, 2024

දෙමළ ජන විරුවන්ගේ සොහොන් බිම් නිදහස් කරගැනීම වෙනුවෙන් විරෝධතාවයක්

Must read

2009 වසරේ යුද්ධය අවසන් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා හමුදාව විසින් මෙම  දෙමළ ජනයාගේ විරුවන්ගේ සොහොන් භූමි (තුයිල් නිවාස)  විනාශ කළ අතර ඇතැම් තුයිල් නිවාස (විරුවන් තැන්පත් කර ඇති සොහොන් බිම) ඉඩම් හමුදාව විසින් රාජසන්තක කරන ලදී.

මෙහි ආලංකුලම් හී දිවි පිදූ විරුවන්ගේ සොහොන් බිම , මුල්ලියාවෙලී සොහොන් බිම, අලම්පිල් දිවි පිදූ විරුවන්ගේ සොහොන් බිම, විශ්වමඩු දෙරේ දිවි පිදූ විරුවන්ගේ සොහොන් බිම  යුද හමුදාව විසින් අත්පත් කරගෙන ඇත.

මෙම සොහොන් බිම් නිදහස් කර ගැනීම සඳහා ජනතාව නිරන්තරයෙන් සටන් කරති.මෙම පසුබිම තුළ මාවීරර් පිහිටා ඇත්තේ අලම්පිල් ප්‍රදේශයේ ය
‘දූයිල් ඉල්ල’ ඉඩමෙන් කොටසක් හමුදාව සහ කොටසක් පෞද්ගලික පුද්ගලයකු විසින් අත්පත් කරගෙන සිටි අතර පෞද්ගලිකව අත්පත් කරගෙන ඇති ඉඩම නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (18) උද්ඝෝෂණයක් පැවැත්වුණි

මේ අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි සසිදරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්  400ක පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ විරුවන්ගේ ඥාතීන් එක්ව මෙම විරෝධතාවයට එක්ව සිටි බව අපගේ වාර්තාකරුවන් පවසා සිටිති

ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනීම් සහ තර්ක විතර්කවලින් අනතුරුව එකී ප්‍රදේශයේ සුසාන භූමිය නිදහස් කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article