Friday, November 15, 2024

නැවතත් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ??

Must read

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජෙනරල් කමල් ගුණරත්න මහතා යළි පත් කර ඇත.  ඔහු  ශ්‍රී ලංකා යුද හමුදාවේ කළ  සේවයේදී 2009 වසරේ යුද්ධයේ අවසන් අදියරේදී   මානුෂිය මෙහෙයුමේ  53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙසද කටයුතු කළ අතර ,රට අගාධයට හෙළමින් පසුගිය 13 වෙනිදා රටින් පැන ගිය හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුගේ රජය තුළදී ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරගත් පුද්ගලයාද  වෙයි. පැවති යුද්ධය සම්බන්ධයෙන්  සිංහල හමුදාවේ ශූරකම් ඉස්මත්තට ගෙනඑමින් රචනාකර ඇති
‘ රණ මග ඔස්සේ නන්දිකඩාල් ’ ග්‍රන්ථයේ රචකයාද  කමල් ගුණරත්න මහතායි.  ජනපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ පාලනය සම්බන්ධයෙන් දමිළ ජනතාවගේ ප්‍රසාදයක් නොතිබූ අතර යුද්ධයේ අවසන් අදියරේදී අතුරුදහන්වූ දමිළ දරුවන් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයා ලෙස ඔවුන් සෘජුවම ගෝටාභය රාජපක්ෂ  මහතාට චෝදනා එල්ල කරන ලදී. හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගනිමින්  උපරිමයෙන් දෙමළ ,මුස්ලිම් පුරවැසියන් මෙන්ම මාධ්‍යවේදින්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට යොදාගත් අතර සම්ප්‍රදායික දමිළ ,මුස්ලිම් බිම් බෞද්ධකරණයට ලක්කිරීමට හමුදා සහය උපරිමයෙන් යොදවන ලදී. උතුරේ මාධ්‍යෙව්දින්ට හමුදාව පහරදුන් අතර දෙමල ජනතාව ජීවත්වන ප්‍රදේශ වල සිවිල් පාලනයට හමුදා මැදිහත්වීම් නිරන්තරයෙන් මුදාහරන ලදි. මෙම පත්කිරිම විසින් රටේ සිංහල මුස්ලිම් දමිළ ජනතාවගේ ප්‍රජාතන්තීය  අයිතීන් සම්බන්ධයෙන් රජය අලුත් ක්‍රියාමාර්ග හෝ අලුත් ප්‍රතිපත්තියක් අනුගමනය කර නොමැති බවට බරපතල සැකයක් මතුවේ.‍

පසුගිය ජුනි 07 වෙනිදා මුලතිව් දිස්ති‍්‍රක්කයේ වට්ටුවාකල් ප‍්‍රදේශයේ පොදු ඉඩම්වල පිහිටි ‘ගෝඨාභය’  නාවික හමුදා කඳවුර සඳහා ඉතිරි ඉඩම් ස්ථීර ලෙස අත්පත් කර ගැනීමට ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ අදාළ නිලධාරින් සහභාගීවූ අවස්ථාව. ඒම ස්ථානයෙ වාර්තා කරමින් සිටි දමිළ මාධ්‍යවේදියෙකුට නාවුක හමුදාව බලපැම් සිදුකළ අතර පොලීසිය විසින් ඔහුට පහරදෙන ලදී. ඒ් අතර මෙම ස්ථානයේ සිටින සියලූම සිවිල් පුරවැසියන්ව හමුදා නිලධාරින් සහ පොලීසිය විසින් ඡායාරූප හා වීඩියෝගතකරන ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article