Friday, November 22, 2024

‘දකුණේ ජනතාවට කන්ඩත් සල්ලි නෑ – උතුර බෞද්ධකරණය කිරීමට ආන්ඩුව මාන බලනවා ”

Must read

දෙමළ ජනතාවගේ  සාම්ප්‍රදායික පුදපූජා පවත්වන  මුලතිව් දිස්ත්‍රික්කයේ  තන්නිමුරුප්පු, කුරුඳුර්මලෙයි කන්දේ පිහිටා ඇති  ආදි ශිව අයියනාර් කෝවිල පරිශ්‍රයේ ඉදිකරන ලද අනවසර විහාරස්ථානය ඇතුළු සියලු ඉදිකිරීම් ඉවත් කර, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝගයක් කර තිබෙනවා. මෙම ස්ථානයේ සාමයට බාධා නොවන පරිදි එම ප්‍රදේශයේ ආදි ශිව අයියනාර් කෝවිලේ බැතිමතුන්ට කිසිදු අයුරකින් බාධා නොකරන ලෙසත් ඉදිකිරීම් සිදු කරන ලෙසත් මුලතිව් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

කුරුඳුර්මලෙයි සම්බන්ධ ඒආර් 673/18 නඩුව පසුගිය 14 වනදා  මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්.සරවනරාජා, ආදිසිවන් අයියනාර් විහාරස්ථානයේ පාලනාධිකාරිය සහ උතුරු පළාත් හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ ඔවුන්ගේ නීතිඥවරුන් වන වී.එස්.එස්.ධනංජයන් සහ තත්තාරණී යන අය ඉදිරියේ අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී   මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්.සරවනරාජා මහතා විසින් මෙම නඩුවේ තීන්දුව ලබා දුන්නේය.

එම නියෝගය සම්බන්ධයෙන් වින්දිත  පාර්ශ්ව වෙනුවෙන්  අධිකරණයේ පෙනී සිටි අධිනීතිඥ වී.එස්.එස්.ධනංජයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ  මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දී කුරුඳුර්මලේ, ඒආර් 673/18 දරන නඩුවේ තීන්දුව ලබා දුන්නා,  මෙම තීන්දුවේදී දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා කුරුඳුර් කඳුකර ප්‍රදේශයේ අලුතින් ඉදිකර ඇති විහාර ප්‍රතිමා, පිළිම ඇතුළු සියලු ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග කළ අතර අධිකරණය මුලතිව් පොලිසියට නියෝග කර ඇත්තේ  අලුතින් ඉදිකරන ලද මෙම ගොඩනැගිලි ඉවත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි.

එසේම ඉහත ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට අදාළ කරුණු සොයා බලා වාර්තා කරන ලෙස පුරාවිද්‍යා අනුකොට්ඨාශයට නොතීසි නිකුත් කර ඇත.මෙම නියෝගයේ නැතැයි නියෝගයක්ද ඇත. මුලතිව් කුරුඳුර් කන්දේ ආදි ශිව අයියනාර් කෝවිලේ සාම්ප්‍රදායික පුද පූජා කටයුතු කිසිඳු අයුරකින් වැළැක්විය නොවිය යුතුය.එය සිදු නොවන පරිදි පොලිසියට ආරක්ෂාව සැපයිය යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයද නියෝගයක් ලබාදී ඇත.

2022.06.12 දින, 2022.06.12  දින මුලතිව් – තන්නිමුරුප්පු ප්‍රදේශයේ අධිකරණ නියෝගය නොතකා එහි ඉදිකරන ලද විහාරස්ථානයේ කබොක් ගලින් කළ බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර විශේෂ බෞද්ධ වන්දනාවක් පවත්වන ලදී. මේ සියල්ල පැවැත්වූයේ යුද හමුදාවේ මැදිහත්වීමෙනි. එදින එම අවස්ථාවේදී  දමිළ ජනතාව සහ දේශපාලනඥයින් විරෝධය දක්වන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article