නීතිවිරෝධී ලෙස දිවයිනෙන් සංක්රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 78 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (10) වනදා අත්අඩංගුවට ගෙන තිබේ. ශ්රී ලංකා නාවික හමුදාව විසින් 2022 ජුලි මස 10 වන දින රාත්රියේ මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සහ මඩකලපුව කලුවන්කේනි ප්රදේශ වල මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇත.
ඒ අනුව, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 61 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර; මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු කාන්තාවන් 07 දෙනෙකු සහ ළමුන් 11 දෙනෙකු වේ.
මිනිස් ජාවාරම්කරුවන් වේගයෙන් මුදල් ඉපයීමේ අරමුණින් අනාරක්ෂිත යාත්රා යොදා ගනිමින් මෙවැනි ජාවාරම් සංවිධානය කරන බව නිරීක්ෂණය වේ. මෙවැනි පසුබිමක අවදානම් මුහුදු ගමන්වල නිරත වෙමින් ජීවිත අවදානම් සහගත ලෙස ගමන් කිරීමෙන් වළකින ලෙසත්, නීතිය ඉදිරියේ ගොදුරු බවට පත්වන ලෙසත් නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.