Friday, September 20, 2024

ශ්‍රී ලංකා මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දියන් ධීවරයින් 12 දා දක්වා බන්ධනාගාරයට

Must read

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා මසුන් ඇල්ලීමේ වරදට අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 12 දෙනා ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දිසා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

තමිල්නාඩුවේ කරෙයිකාල් ප්‍රදේශයේ ධීවරයින් 5 දෙනෙකු සහ මයිලඩුතුරෙයි ප්‍රදේශයේ ධීවරයින් 7 දෙනෙකු පසුගිය 30 වනදා කරයිකාල් ප්‍රදේශයෙන් ධීවර රැකියාව සදහා පිටත්ව තිබේ. ඔවුන් එදින  පරුදිතුරෙයි මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී සීමාව ඉක්මවා මසුන් ඇල්ලීමේ වරදට  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කාංකසන්තුරේ නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් රඳවා තබන ලදී. විමර්ශනවලින් අනතුරුව නාවික භටයින් එම ධීවරයින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හරහා අද සඳුදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව ඔවුන් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

නිදර්ශන් විනෝත්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article