රට පුරා පවතින ආර්ථික අර්බුදය හෙළා දකිමින් රජයට එරෙහිව දිවයින පුරා විරෝධතා පැවැත්වෙන අතර අද වාලච්චේන පොලිස් වසමට අයත් ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ අද (21) උද්ඝෝෂණයක් පැවැත්වුණා.
රියදුරු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේ දී වෑන් රථ රියදුරන්,මෝටර් රථ රියදුරන්, ට්‍රැක්ටර් රථ රියදුරන් සහ වෙළඳුන් මෙන්ම තරුණ තරුණියන් ද එක්ව සිටියා.පෙළපාලිය ඔඩ්ඩමාවඩි වෑන් රථ ගාලෙන් අවසන් වී ඔඩ්ඩමාවඩි ගුවන් පාලමෙන් අවසන් විය. රඹුක්කන විරෝධතාවයේදී මියගිය පුද්ගලයා සිහිපත් කරමින් බැනර් රැගෙන රජයට එරෙහිව විරෝධතා පා ගමනක නිරත වීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධාවකින් තොරව මෙම විරෝධතාව පැවැත්වුණා.
රුද්‍රා