Friday, November 1, 2024

අරගලකරුවන් ඉදිරියට ගෝනිබිල්ලන්

Must read

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් නමින් කෝකිලායි ප්‍රදේශයේ ක්‍රියාත්මකවීමට යෝජිත ඛනිජ වැලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට අද එම ප්‍ර දේශයේ ජනතාවගේ විරෝධය එල්ල වූ අවස්ථාවේදී විරෝධතාවය සදහා සහභාගී වූ ජනතාව නිල නොවන ඇදුම් වලින් සැරසී සිටි ආරක්ෂක අංශ වල නියෝජිතයින් විසින් ජායාරූප ගතකරන අයුරු මාධ්‍යවේදීන් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙසේ විරෝධයට පැමිණ සිටි කෝකිලායි ප්‍ර දේශයේ ජනතාව ඡායාරූපගතකරන ලද්දේ ඔවුන් බියවැද්දීමට හෝ නැතිනම් මෙය නිල නොවන තර්ජනයක්ද යන්න ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවට මතුවන ප්‍රශ්නයකි. විරෝධය දැක්වීම ජනතාවට ඇති අයිතියක් වන අතර ඔවුන්ව ආරක්ෂක අංශ යොදවා ඡායාරූප ගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවට ඔප්පු කරන ක්‍රියාවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article