Saturday, September 21, 2024

මියන්මාරය තුළ වසර 11ක සිරදඩුවම් ලැබූ ඩැනී ෆෙන්ස්ටර්ට නැවත නිදහස ?

Must read



දින කීපයකට පෙර වසර 11ක දඩුවමකට යටත්කොට මියන්මාරයේ සිර දඩුවම් ලබාදුන් ඇමරිකානු ජාතික මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් මියන්මාර් ජුන්ටාව විසින් නිදහස් කර තිබේ. 37 හැවිරිදි ඩැනී නිදහස ලබන්නේ මියන්මාර් බන්ධනාගාරය තුළ පැවති නඩු විභාගයකදී ඔහුට වසර 11ක සිර දඬුවමක් නියම වී දින කිහිපයකට පසුවය. ඔහු සඳුදා මියන්මාරයේ සිට එක්සත් ජනපදයට ගුවන් යානයකට ඇතුල්වූ බව ඔහු ගේ සහයෙකු ප්‍රකාශයක් කර ඇති බව ජාත්‍යන්ත මාධ්‍ය විසින් වාරතා කර තිබේ.
ෆෙන්ස්ටර් අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 24 වන දින ඔහුගේ පවුලේ අය බැලීමට ගුවන් යානයකට යාමට සූදානම්ව සිටියදීය. පෙබරවාරි 1 හමුදා කුමන්ත්‍රණයෙන් පසු ජුන්ටාව විසින් රට තුළ තහනම් කර ඇති ‘මියන්මාර් නව්’ වෙනුවෙන් ඔහු සේවය කරන බවට එල්ල වූ චෝදනා මත ඔහු වරදකරු විය.

ඩැනී ෆොන්ස්ටර් නිදහස් විම ශුභ ආරංචියක් වන නමුත් මෙය අවධානය වෙනතකට යොමු කිරීමට මියන්මාර් ජුන්ටාව දරන උත්සාහය හැර වෙනත් දෙයක් ලෙස නොසැලකිය යුතු බව මියන්මාරයේ නිදහස උදෙසා ක්‍රියාකාරීවන සංවිධාන පවසයි. නිදහස පතා ජනතාවගේ අරගලය දිගටම කරගෙන යා යුතුය. ඉතිරිව සිටින අනෙකුත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ කුමන්ත්‍රණ විරෝධී ආධාරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය යුතු බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article