Saturday, September 21, 2024

682 බලසේනාව අත්කරගත් ඉඩම් නැවතත් පුදුකුඩිරිප්පුවේ ජනතාවට

Must read



මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඉදිරිපිට පිහිටි ජනතාව සතු ඉඩම් අක්කර එකොළහක් යුද හමුදාව විසින් අද (28) නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.යුද්ධය අවසන් වී පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කරවන විට පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබූ අක්කර 19ක පමණ භූමි ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කරගෙන හමුදා කඳවුරක් ආරම්භ කරන ලදී.

මේ තත්ත්වය තුළ නැවත පදිංචි කළ ජනතාවට එම ඉඩම් ලාදෙන ලෙස විවිධ පාර්ශ්වවලින් දිගින් දිගටම ඉල්ලීම් කළද විසඳුමක් ලැබුණේ නැත. පසුව ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර මාසයකින් පමණ පසු අදියර තුනකින් ඉඩම නිදහස් කරන බවට රජය පොරොන්දු විය. නමුත් පොරොන්දු අනුව අක්කර 19 ජනතාවට ලබානොදුන් අතර පළමු අදියරේදී නිදහස් කරන බවට පොරොන්දු වූ ඉඩම්අ වලින් අක්කර 7.75 ක ඉඩම් පමණක් නිදහස් කරන ලදී.

682 බලසේනාව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අත්පත් කරගත් ඉඩම් අක්කර 7.75ක් නිදහස් කිරීමෙන් පසු රජය පැවසූවේ හමුදා කඳවුරේ පිහිටුවා ඇති ගොඩනැගිලි ඉවත් කර මාස තුනක් ඇතුළත අක්කර 10 ක ඉඩම නිදහස් කරන බවයි. නමුත් මේ වනවිට වසර 4ක් ගතවී ඇති අතර ඒවා ජනතාවට ලබාදීම බොහෝ ප්‍රමාද විය. මෙම ඉඩම් ජනතාවට ලබාදීමෙන් ඔවුන්ගේ ජීවනෝපායන් සවි කරගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන්නේය. කාලයක් පුරා අරගල කර අවසානයේ එම ඉඩම් අක්කර 10 ජනතාවට ලබාදිම සදහා මුලතිව් දිස්ත්‍රික් දිසාපතිවරයා වෙත අද (28) භාරදීමට නියමිතය.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article