Saturday, September 21, 2024

37 වසකට පෙර, ඔදියමලේ දී ඝාතනයවූවන් සිහිකෙරේ

Must read

අදින් වසර 37 වසරකට පෙරදී මුලතිව් දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයක් වන ඔදියමලේ ප්‍රදේශයේදී සිදුකළ සමූල ඝාතනයෙන් දිවි අහිමිවූවන් සිහිකිරීම අද එම ගම්මානයේදී සිදුකෙරිණි.

1984 දෙසැම්බර් 2 වැනි දින හිමිදිරි පාන්දර, මුලතිව් දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයක් වන ඔදියමලේ ප්‍රදේශයට කඩා වැදුණු හමුදා සහ කල්ලියක් විසින් තරුණයන් සහ පිරිමින් ප්‍රජා මධ්‍යස්ථානයට ඇදගෙන ගොස් ඔවුන්ගේ ඇඳුම් වලින් ඔවුන්ව බැඳ, අමානුෂික ලෙස වෙඩි තබා 27 දෙනෙකු සහ තවත් 5 දෙනෙකු ඝාතනය කරන ලදී. ඥාතීන් විසින් එහිදී ඝාතනයවූ පුද්ගලයන් තිස් දෙදෙනො බැතිබරව සිහිපත් කරන ලදී.ඉන් අනතුරුව ඔදියමලෙයි පිල්ලෙයාර් කෝවිලේදී ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් විශේෂ ආත්මශාන්ති වන්දනාවන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් මෙන්ම වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති සිරිස්කන්දරාසා මහත්මිය, උතුරු පළාත් හිටපු මන්ත්‍රී තුරෙයිරාසා – රවිකරන් ඇතුළු දේශපාලන නායකයින් රැසක්ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසිලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article