Friday, September 20, 2024

වාකරේ ඉදිකිරීමට නියමිත ඉස්සන් ගොවිපළකට ජනතා විරෝධය

Must read



වාකරේ ප්‍රදේශයේ ඉදිකෙරෙන ඉස්සන් ගොවිපළක් නතර කරන ලෙස බලකරමින් මඩකලපුව ප්‍රදේශවාසීන් අද (21) පෙරවරුවේ  විරෝධතාවයක නිරත විය.
අදාළ ඉස්සන් ගොවිපළ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී  සටන් පාඨ කියමින් සටන් පාඨ සහිත බැනර් අතැතිව විරෝධතාවයේ නිරත වූහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විරෝධතාකරුවන් ඇතුළුවීම වැලැක්වීමට එහි දොරගුළු දමා තිබුණි. පොලිසියේ මැදිහත්වීමකින් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකට  අවසර ලබාදෙන ලදී.
 ව්‍යාපෘතියේ ආරම්භය පිළිබඳ ගැසට් නිවේදනය 2017 වසරේ නිකුත් කර ඇති අතර හෙක්ටයාර් 1100ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 150ක භූමි ප්‍රමාණයක් කකුළුවන් වගාව සඳහා වෙන් කර ඇති අතර ඉතිරි හෙක්ටයාර 950  ඉස්සන් වගාව සඳහා වෙන් කර ඇත.  එම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිපාලනය දැනුම් දුන්නේ දැනට සිදුකරන ඉඩම් මැනීම අත්හිටුවන බවයි. ඉස්සන් ගොවිපළවල් තෝරාගෙන ඉඩම් මිනින්දෝරුවරුන් සමඟ මැනුම් කටයුතු සිදු කර ඇති අතර ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජා සංවිධාන සමඟ සාකච්ඡා නොකිරීම පිළිබඳව විරෝධතාකරුවෝ විරෝධතාවය පළ කළහ .

මෙම ව්‍යාපෘතිය පුද්ගලික අංශයකට පවරා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විරෝධය පළකරන ධීවර සංගම් පවසන්නේ ගඟට යාබදව
ප්‍රදේශයේ ස්වභාවික සමතුලිතතාවයට බාධා ඇතිවිය හැකි බවයි. එමෙන් මසුන් ඇල්ලීමත් වගා කටුයුතු මෙන්ම වලට බාධා ඇතිවන අතර වන විනාශය, පක්ෂි හා සත්ව අභයභූමි හා ජීවනෝපාය අහිමිවීම්ද මේ මින් සිදුවනු ඇති බවයි.

රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article