Thursday, January 23, 2025

හිමිනම තැබූ අලි වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මියයයි

Must read



මඩකලපුව දිස්ත්‍රික්කයේ මායිම් ප්‍රදේශයේ වවුනියාව ඕමදියාමඩු ප්‍රදේශයේදී හාමුදුරුනමක් විසින් අලින්ට වෙඩි තබන තුවක්කුවකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාලච්චේන පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගියේ නාගස්‌ථාන වැලිකන්ද පදිංචි සිසිරකුමාර (27) නමැති අයෙකි. සිද්ධීය මෙසේය. හිමිනමක් යැයි පැවසෙන පුද්ගලයෙකු ඕමදියගල සුදුගල ප්‍රෙද්ශයේ ආරන්‍යයක් තනාගෙන බන්සාල මුදියාලංකාර සුභාතලංකර හිමි නමින් වැඩවසා ඇත. මෙම හිමි නම සමඟ බ්‍රහස්පතින්දා රාත්‍රියේ 8 දෙනෙකු නවාතැන් ගෙන සිටි බව තොරතුරු වාර්තා වේ. සිද්ධිය වු දින මෙම හිමිනම විසින් සිසිර නැමැත්තගේ උදර ප්‍රදේශයට අලි වෙඩිල්ල තබා ඇති අතර පසුව හිමිනම පලාගොස් ඇත. පසුව ගම්වාසීන් විසින් පලාගිය හිමිනම අල්ලා පොලීසියට බාරදී තිබේ. හිමිනමගේ අත් සහ පාද දෙකෙහිම තුවාල සිදුවී ඇති බව දක්නට ඇති අතර පසුව වාලච්චේන පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කරන ලදි.

මෙම හිමිනම සමග එහි රැඳී සිටි තවත් හය දෙනෙකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හිමිනමක් ලෙස ආරන්‍යයක් තනාගෙන ජීවත්වූ පුද්ගලයා මෙම ස්ථානයේ විවිධ අපචාර සිදුකරමින් සිටි බව ගම්මුන් පවසයි. මෙම පුද්ගලයා මීට පෙර හමුදා සේවය කළ පුද්ගලයෙකු බවද සොයාගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ගිය මඩකලපුව දිසා වාලච්චේන මහේස්ත්‍රාත්වරයා පෞද්ගලිකව පොලිසියට නියෝග කළේ විනිසුරු ඊ.සිකප් මහතාගේ විමසීමෙන් අනතුරුව මෘත ශරීරය මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙසයි.වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article