දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී සානෙක්කියන් රාසමාණික්කම් මහතාට විසින් රජයට එරෙහිව විරෝධතාවල නිරතවීම වළක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.මෙම තහනම් නියෝගය කලවංචි පොලිසිය ලබාගෙන ඇති අතර එම අධිකරණ නියෝගය ඊයේ (28) වනදා මන්ත්රීවරයා වෙත බාර දී ඇත.
තමාට එරෙහිව ලබාදී ඇති අධිකරණ තහනම් නියෝගය සම්බන්ධයෙන් සානෙක්කියන් රාසමාණික්කම් මෙසේ අදහස් දක්වා තිබුණා.
“ හොරු විසින් පොලිසිය මාර්ගයෙන් මට විරුද්ධව ක්රියා කර තිබෙනවා, ලංකාවේ ජීවත් වෙන හැමෝම මට සම්බන්ධයි. මේක තමයි අද රටේ අරාජික තත්ත්වය, අද ලංකාවේ හැම තැනම මිනිස්සු පාරට බැහැලා සටන් කරන කොට, කලවංචිකුඩි පොලිස් ස්ථානය භාර නිලධාරියා විතරක් අද උසාවි තහනම් නියෝගයක් අරන් තියෙන්නේ ඇයි?
ඒ බව කලවංචිකුඩි පොලිස් ස්ථානය භාර නිලධාරියා විසින් නැවත වරක් තහවුරු කර ඇත. මොකද ලංකාවේ පෙළපාලි, විරෝධතා නොපැවැත්වෙන තැන් නැහැ. එහෙම වුණාම හොරාට එහෙම තහනම් නියෝගයක් ලැබෙන එක අනුමත කරන්න බැහැ.මේ වගේ දේවල් හරහා ආණ්ඩුව ජනතාව පාලනය කරන්න හදනකොට ජනතාව මීට වඩා උනන්දුවෙන් සටන් කරන්න පෙළඹෙනවා. අද වෙනකම් අරගල කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. නමුත් මෙම තහනම් නියෝගය නැවත සටන් කිරීමට ආශාවක් ඇති කර තිබෙනවා. එතකොට මේ ප්රශ්නය විසදෙන තුරු එනම් ගෝටාභය රාජපක්ෂ ගෙදර යන තුරු මේ අරගල දිගටම පැවතිය යුතුය. මගේ දායකත්වය අනිවාර්යයෙන්ම ඒ සඳහා වනු ඇත. ”