Saturday, September 21, 2024

සල්ලි දීලා ජීවිතය නැති කරන ආණ්ඩුවේ ක්‍රියාව අපි තරයේ හෙළා දකිනවා !

Must read

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ කාර්යාලය  වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් කථානායක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය ‌ රජයේ මෙම ස්ථාවරය හෙළා දකින අතර ඒ් සම්බන්ධයෙන් මාධ්‍ය අමතා අදහස් ප්‍රකාශ කරන ලදී.  අතුරුදන්වූවන්ගේ ඥාතින් මෙම අදහස පළ කර ඇත්තේ පුද්ගලයෙකු අතුරුදන් වූ බව තහවුරු වුවහොත් අතුරුදන් වූ බවට සහතිකයක් ලබාගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම සඳහා ගෙවන මුදල රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවට රජය නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ  අතුරුදන් වූ ඥාතීන්ගේ සංගමයේ අධ්‍යක්ෂ එම්.ඊශ්වරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
තුරුදන්වූවන්ගේ ඥාතීන්  අතුරුදහන්වූවන් සෙවිමේ  අරගලය දිස්ත්‍රික්ක 08ක ක්‍රියාත්මක වෙනවා.  අපි හමුදාවට බාරදුන් අපේ අයව (කුඩා දරුවන් ඇතුළුව)  සමහර අයව ගෙවල්වලට ඇවිල්ලා අපේ ඇස් ඉදිරිපිටම අරන් ගියා, සමහරුන්ව පැහැරගෙන ගියා. , මුහුදේ දී අත්අඩංගුවට ගත්තු අය, අපි ඉදිරිපිට  බාර දීපු අය හොයනවා. මක්නිසාද යත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි ජනමත විචාරණයක් පවත්වා ඇති අතර එම ජනමත විචාරණයට බාධාවක් ලෙසත් අපව රවටා ගැනීමේ මාර්ගයක් ලෙසත් මේ ලක්‍ෂ දෙක ලබාදීමමෙන් බලාපොරොත්තු වෙනවා.

අපේ ජිවිතේ  වටින්නේ උන්ගේ  ලක්ෂ දෙකටද ?  ඕනෑම කොනකට සල්ලි දීලා ජීවිතය නැති කරන ආණ්ඩුවේ මේ ක්‍රියාව අපි තරයේ හෙළා දකිනවා. අපි හොයන්නේ බාර දීපු අය විතරයි.මැරිච්ච අය ගැන හොයන්නේ නැහැ.අපි දිස්ත්‍රික්ක අටේම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා.වැරදිකරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අරගෙන ගිහින් අධිකරණයට දානවා.

මේ මුදල් රජයේ අවශ්‍යතා සඳහා යොදවන්න.අපේ ජීවිතය අපේ අතේ තබන සාක්‍ෂිකරුවන් අපියි.අපේ අභිලාෂය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී යුක්තිය ඉටුකර දඬුවම් ලැබීමයි. අපි ඒ වෙනුවෙන් ඉදිරියටත් සටන් කරන බවද හෙතෙම පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article