කලු ජූලියේ වසර 39ක මතකය ඒළැඹීණි. නිරායුධ මිනිසුන් රොත්තක් නිල ඇදුම් ලත් හමුදාවකගෙන් පහර කද්දී නැගෙන විලාපය පෙරේදා (22) රාත්‍රියේදී කොළඹ අහස පුරා ගිගුම් දුනි. ”අපි ආදරය කරපු පොලීසිය,හමුදාව අපිට ගහන්ඩ ඇවිත්” යැයි වත්මන් පරපුරේ තරුණයෙකු කියනු ඇසිණි. ඒදා කලු ජූලියේදී කොළඹ පමණක් නොව ලංකාව පුරා නගරවල නිරායුධ දෙමළ මිනිසුන් නිරුවත් කර පවුල් පිටින් කපා කොටා ඝාතනය කරන ලදී. ඒවකට පාලන බලයේ සිටි ඒක්සත් ජාතික පක්ෂ රෙජීමය විසින් සිංහල මැර හමුදාවන් ලවා ක්‍රියාත්මක කරන ලද ඒම කෲර ක්‍රියාව පසුව වසර 30කටත් වඩා ඇදුනු යුද්ධයක් දක්වා වර්තමානයකට ලංකාවේ දෙමළ සමාජය ඇද දැමුවේය.
ඒ් වසර 30 පුරාවටමත් දමිළ ජනතාව සිංහල හමුදාව අතින් පීඩා විිිිඳි අතර ඔවුන් ද ඒ් වෙනුවෙන් මොරගසනු ලැබීණි. දෙමළ ජනතාව අනෙකා ලෙස තමන්ගේ විරුද්ධවාදීන් ලෙස අර්ථකතනය කරන ලද සිංහල සමාජයක් තුළ ඒ් වේදනාවන් විවිධාකාර සැනසුම් බස් තුළ වසර 30ක් පුරා සැගවගත්තේය. 83 අත්දැකීම යුද්ධයකට මගපෑදු අතර බොහෝ දෙමළ පුරවැසියන්ට ලංකාව අතහැර විදෙස්ගත වන්නට සලස්වන ලදී. ඒහෙත් ඒ් බිහිසුණු මතක තවමත් කිසිවෙකුටත් අමතක වී ඇතැයි සිතිය නොහැක. නිරායුධ මිනිසුන් මැර හමුදා හෝ නිල හමුදා අතින් පහරකෑමේ වේදනාව දමිළ ,මුස්ලිම් ජනතාව අඩුවැඩි වශයෙන් සිංහලයාට වඩා හොදින් දනී. ඉතිහාසය ඒහෙමය.
දැන් වර්තමානයේ අප ඉදිරියට පැමිණ ඇත්තේ වසර ගණනක් දමිළ, මුස්ලිම් ජනයාට බලහත්කාරය පාමින් සිටින හමුදාවක් සහ පොලීසියකි. දැන් ගෝල්පේස් අරගලකරුවන් රාජ්‍ය ත්‍රස්තවාදය ගැනද කතා කියනු ඇසෙයි. සමහර දේවල් සියුම් ලෙස බැලුවහොත් ‘උඹලට අපිට ගහන්න බෑ ‘ වැනි වදන් තුළ සිංහල සමාජයට තමන් පිලිබදව තිබූ අභිමානය කඩාහැලෙනු ගතියක්ද සැඟවී ඇති බව හැගෙයි. අපේ හමුදාව ,අපේ පොලීසිය වැනි කියමන් තුළ සැගවුණ අර්ථයක් ඇත. නිරායුද මිනිසුන්ට සිය අවි බලය පාන හමුදාවක් අපේ වන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. නමුත් ඒ් අපේ කම ඇතිවී ඇත්තේ දෙමළාව මර්ධනය කළ නිසාවෙනි. ඒ් අපේකම හැඟෙන්නේ්නේ වෙන කිසිවක්ම නිසා නොව යුද්ධයට ගිය සෙබලු නිසාය. යුද්ධයෙන් දෙමලුන් පරාජය කර , අපේ සිංහල ආධිපත්‍යය රැකගත් නිසාය.
පසුගිය සෑම පාලන කාලයකදීම කම්කරුවන්ට, සිවිල් සමාජයට , වාමාංශිකයින්ට පොලීසිය හමුදාව පහර දුනි. නමුත් බෞද්ධ – සිංහල ආධිපත්‍යයෙන් පුම්බන ලද , යුද විරුවන් අදහන රටක් නිර්මානය කර ඒ් මතින්ම ඒ්කාධිපති පාලනයකට මග පාදාගත් , රාජවංශයේ සපුමල් කුමාරයාගේ භුමිකාව රගපෑ ගෝටාභය රාජපක්ෂ අභිමුවට ඔහුටම වන්දනාමාන කළ ජනතාව ‘ගෝ ගෝටා’ කියා පැමිණීම ඒක්තරා ආකාරයක දෛවයේ සරදමකි. අනිත් පැත්තට ඒම 69 ලක්ෂයටම තමන් අතින් පෝෂනය වූ සිංහල බෞද්ධ ආධිපත්‍යයේ බිහිසුණුම ආයුදය ‘ රාජ්‍ය ත්‍රස්තවාදය ‘ ඉදිරියේ තමන්ගේ පුරවැසි බලය උරගා බලන්නට අවස්ථාවක් ලැබීමද සරදමක් නොවන්‌නේද ? ඒදා ඒක්සත් ජාතික පාලනයක් තුළ පීඩාවට , අයුක්තියට ඒරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීීව සටන් කළ දමිළ දේශපාලන ක්‍රියාකාරීන්ව මරාදමද්දීත් ඔවුන් කියා සිටියේ අපිට ඒරෙහි වන මේ තුවක්කු කිසියම් දවසක දකුණටත් ඒරෙහිව නැගෙන බවයි. ඒමෙන්ම අපේ සටන උතුරේ නිදහස වෙනුවෙන් පමණක් නොව දකුණේ නිදහස වෙනුවෙන් යැයි ද ඔවුන් පුරෝකථනය කර තිබේ.
1983 ජූලි 23 වනදා ආයුධ සන්නද්ධ මිනිසුන් විසින් නිහඩ කළ , යටත් කළ පලවා හැරි දහස් ගණන් දමිළ මිනිසුන්ගේ කදුළ සැගව ගත් කලු පැල්ලම , 39 වෙනි කලු ජුලිය උදාවී තිබේ.
http://www.srilankaguardian.org/