Tuesday, December 24, 2024

වර්ෂාවෙන් මුලතිව් හි කුඹුරු සහ පහත් බිම් ජලයෙන් යටවෙයි

Must read

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු ප්‍ර දේශ වලට අඛණ්ඩව වැසි ඇද හැලීම නිසා අධික මුලතිව් දිස්ත්‍රික්කයේ පහත් බිම් ද ජලයෙන් යටවී ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැත. විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් කුඹුරු බොහොමයක් ජලයෙන් යටවී ඇත.

මීට අමතරව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ උඩයාර්කඩ්ඩු, සුතන්ත්‍රපුරම් සහ විශ්වමඩු ප්‍රදේශවල විවිධ ස්ථානවල ගංවතුර ජලය එක්රැස් වී ඇති අතර පුදුකුඩිඉරිප්පු ඉරණයිප්පලෙයි මාර්ගයේ ගංවතුර බැස යාමට නොහැකිව මාර්ගය දෙපස කාණු අවහිර වී ඇති ආකාරය දක්නට ලැබේ.
ආනන්දපුරම් සහ වෙනිවිල් ප්‍රදේශවල ගංවතුරෙන් පවුල් 25ක් පමණ පීඩාවට පත්ව සිටිති.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article