Friday, September 20, 2024

වන්දාරුමුලෙයි සිසුන්ට පාසල් උපකරණ

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්දාරුමුලෙයි ගම්මානයේ පිහිටි අගස්තියාර් සදාචාර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මැල්මරුවතූර් අරුල්මිකු අධිපරාශක්ති සිද්ධාර් පීදම් අධ්‍යාපන සමාජ සුබසාධන සංස්කෘතික හා පුණ්‍ය මධ්‍යස්ථානයෙන්  ඉගෙනුම් උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා
මෙහිදී ඉගෙන ගන්නා සිසුන් 85 දෙනෙකුට ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පොත් බෑගයක්, පෑනක් සහ පැන්සලක් ප්‍රදානය කෙරිණි.
මේ සඳහා මුල්‍ය දායකත්වය ස්විට්සර්ලන්තයේ ජීවත් වූ කරෙයිනගර් මුල්ලපිලවායි හි උපත ලද අමරර් පොන්නුතුරෙයි ගනේස් මහතාගේ 1 වැනි සංවත්සරය නිමිත්තෙන් පවුලේ අය විසින් ලබා දුන් අතර ශක්ති අන්නපූරාණි සෙල්වරත්නම් මහත්මිය ද මුල්‍ය දායකත්වය ලබා දුන්නාය.
මෙම අවස්ථාවට ග්‍රාම නිලධාරී මෝහනකුමාර් මහතා, පූජ්‍ය ශිවශ්‍රී මනෝරාජ්, ගුරුවරු, අරපානි මධ්‍යස්ථාන භාර භක්‍යරාසා විනෝරාජ් සහ ගුරුවරුන්, සිසුන් සහ ශක්ති ස්වේච්ඡා සේවකයන් සහභාගි වූහ.

කේ.රුද්‍රන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article