Friday, September 20, 2024

රුක් රෝපණ මාසය නිමිත්තෙන් උත්සවශ්‍රීයෙන් උතුරේ පැල සිටුවයි 

Must read

ඊයේ (17) වනදා පැල සිටුවීමේ උත්සවයක් පැවැත්වු අතර A9 මාන්කුලම් මාර්ගය දෙපස මෙම පැල සිටුවන ලදී. මෙම අවස්ථාවට මුලතිව් දිස්ත්‍රික් රජයේ සභාපති කේ.විමලනාදන්, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.සිවපාලසුන්දරන් යන මහත්වරුන් ඇතුළු සියලුම දෙපාර්තමේන්තු දිස්ත්‍රික් ප්‍රධානීන්,  සහ ගොවීන් එක්ව සිටියහ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පශු සම්පත් නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ධීවර අංශය එක්ව මෙම රුක් රෝපණ උත්සවය සංවිධානය කර තිබුණි.

රුක් රෝපණ උත්සවය සඳහා රුක් රෝපණ ස්ථානවල ප්‍රාදේශීය සභා සහයෝගය ලබා දී ඇත.

එම රුක් රෝපණ වැඩසටහන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළම පැවැත්වුණු අතර මේ හරහා පැල 1500කට ආසන්න ප්‍රමාණයක් සිටුවා තිබීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article