Wednesday, January 22, 2025

‘රනිල්ට’ ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන හෙක්ටර් , මෛත්‍රී – රාජපක්ෂ ක්‍රමන්ත්‍රණයේදී මොකද කළේ ??

Must read

 

 

අද (24) පාර්ලිමේන්තු සැසිවාරයේදී පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා විසින් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන්නට යෙදුන ප්‍රකාශයට පිළිතුරු දෙන ලදී.

ජනාධිපතිවරයා එදා ගෝටාභයගේ එකාධිපතිවාදය පරාජය කිරීමට වැඩකළ පුද්ගලයෙකු හැටියට අද හිට්ලර් කෙනෙක් හෝ ඒකාධිපතියෙකු ගැන කතාකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නොහැකි බව ඔහු ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම එදා ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පෙරලා දැමීමට අපි රනිල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කළ බවට හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පුරසාරම් දෙඩවිීම විහිලුසහගතය.මේ ප්‍රකාශය  ජනතාව මුලාකීරීමකි.

හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා දෙදහා දශකයේ සිට සජිත් ප්‍රේමදාසට වැහී තිබුණ ‘පක්ෂ නායකත්වය වෙනස් කිරීමෙන් පසු වැඩකරනවා’ යන භීතිකාව හිසේ තබාගෙන, ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට කඩේ ගිය පුද්ගලයෙකු හැටියට ඔහු කිසිදිනක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව හෝ ඔහුගේ අණක් ක්‍රියාවට නගපු දවසක් අපට නම් මතක නොමැත.

පක්ෂය තුළ රනිල්ගේ නායකත්වය එපාකරවීම පිණිස සිදුකළ සියලූම මජර වැඩ පිටුපස සිටගනිමින් තමන්ගේ දිස්ත්‍රික්කය (පුත්තලම) තුළ එයට නායකත්වය දෙමින් දිය රෙද්දෙන් බෙල්ල කපන වැඩ සිදුකළ හෙක්ටර් අප්පුහාමි 18 වන සංශෝධනයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක් සිදුකරන අවස්ථාවේදී  සිටියේ  වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීරුන් සමග චීන සවාරියකට සහභාගී වෙමිනි.

එකල ‘ රනිල් ගෙදර පල ‘ යනුවෙන් පෝස්ටරයක් තාප්ප වල ඇලවිණි. මේවා පිටුපස සිටියේ කුවුරුන්ද කියා දන්නෝ දනිති. දැන් මොකුත් නොදන්න තොත්ත බබෙකු සේ , රනිල් වික්‍රසිංහ ජනාධිපතිවරයා සමග ඒකාධිපතියන් එලවන්නට අරගල කලා යැයි බොරු මුසාවාද කියන හෙක්ටර් අප්පුහාමි දිස්ත්‍රික්කයේ රනිල් විරෝධී සියලූම ක්‍රියාකාරකම් පිටුපස සැගවී ක්‍රියා කලේය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහභාගී වු , රාජපක්ෂලාට විරුද්ධව පුත්තලම් දිස්ත්‍රික්කයේ සිදුකළ විරෝධතා වලට හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පැමිණියේ පොටෝ වල මූණ පෙන්වා ලීමට පමණී.

2018 මෛත්‍රී රාජපක්ෂ ව්‍යවස්ථා කුමන්ත්‍රණ අවස්ථාවේදී රනිල් වික්‍රසිංහගේ මූලිකත්වයෙන් ,සහ බහුජන සංවිධාන වල නායකත්වයෙන් පුලුල් ක්‍රියාවලියක් දියත් කෙරුණා. මේ අවස්ථාවේදී පා.මන්ත්‍රී හේකටර් මන්ත්‍රීවරයා ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස සිටියේ කොහේදැයි අපි අසමු ???

මේවා එජාපයේ ඇස් කන් ඇරන් සිටින සාමාජිකයින්ට නම් අමතක නොවේ. ඒ නිසා අතීතය මේ තරම් ඉක්මනට අමතක කරදීමට ඉඩ දිය නොහැක.

ඉතිහාසය මතක නැති පල් මෝඩයින් එජාපය සිටිනවා කියා සිතාගෙන හේක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මේ දෙසාබාන වාග් මාලා, වලට අර්ථයක් සැපයීමට තරම් ඉතිහාසයේ ඔහු ඒකාධීපතියන්ට විරුද්ධව අරගල කළ ඉතිහාසයක් අපට නම් මතක නොමැත.

මන්ද ඔහුගේ දේශපාලන දිවියේ මෑත කාලයේ වැඩ කාලයක් ගතවුයේ සජිත් සමගින් එක්වි රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් පහකිරීමට කටයුතු කිරිමටය

ක්‍රිස්ටි වර්ණකුලසූරිය
(එක්සත් ජාතික පක්ෂ සාමාජික )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article