Thursday, January 23, 2025

යුද සැමරුම් නිසා හිරබත් කෑ මඩකලපුවේ දස දෙනෙකු නිදොස් කොට නිදහස්

Must read


මඩකලපුව – කිරාන්හි නාගවත්ත වෙරළ තීරුවේදි ප්‍රදේශයේ දී යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීමේ වරදට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි සියලු දෙනා සම්බන්ධ නඩු විභාගයක් පසුගිය 25 වනදා වාලච්චේන විනිසුරු වී.කරුණාකරන් මහතා ඉදිරියේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන ලදී. මෙම පුද්ගලයන් දහදෙනාට 2021.12.08 දින නීතිපති උපදෙස් මත මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විනිසුරු එච්.එම්.එම් බැසිල් ඉදිරියේ ඔවුන්ට කොන්දේසි සහිත ඇප ලබා දුන්නේය. ඒ සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී පොලිසියට ගොස් පෙරවරු 9-12 වන විට අත්සන් කළ යුතු බවට කොන්දේසියක් මතයි. පසුගිය 25 වනදා නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙරිණි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එම්.එච්.එම්.රම්සීන් පැවසුවේ නඩුවට අදාළ කිසිදු කොන්දේසියක් යටතේ පොලිස් ස්ථානයේ අත්සන් තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එම නඩුව අද කැඳවා අවසන් කළ බවත්ය.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නඩුවට සම්බන්ධ සියලු දෙනා නිදොස් කොට නිදහස් කර තිබේ. චෝදනාවට ලක්වූ 10 දෙනාගෙන් කුරුසුමුතු විමලසේන (68) යාබාධයකින් ය අතර පෙනී සිටියේ 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු පමණි.

රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article