Monday, December 23, 2024

‘මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ අද බලයේ සිටින මේ දේශපාලනඥයන්’

Must read

2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය අයගේ ආත්මයන් පතා මඩකලපුව කල්ලඩි පාලමේ පිහිටි ස්මාරකය අභියස මතක යාඥාවක් බ්‍රහස්පතින්දා (21) පෙරවරුවේ පැවැත්විණි. සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මල් කළඹක් අතැතිව සහ පන්දම් දල්වමින් මෙම යාඥාවන් පවත්වන ලදී. පූජකවරුන් සහ මුස්ලිම් දෙමළ ජනතාව මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

සමූල ඝාතනයෙන් මියගිය අයට සාධාරණය ඉටු කරන ලෙස බලකරමින් සාමකාමී රැළියක් ද එහිදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බුහාරි මොහොමඩ්.

බෝම්බ ප්‍රහාරයට වසර 3ක් පිරීම නිමිත්තෙන් මෙම අනුස්මරණ උත්සවය පැවැත්වෙනවා. මේ රට වෙනුවෙන්, මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ අද බලයේ සිටින මේ දේශපාලනඥයන් බව අපි හොඳින් දනිමු. නමුත් වසර 3ක් තිස්සේ විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුවෙලා නැහැ. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේදී යුක්තිය වෙනුවෙන් සටන් කරන අයට විවිධ තාඩන පීඩනවලට ලක් වෙනවා.

ඒ නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ අපේ ක්‍රියාකාරීන් සියලු දෙනාම එක්ව විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කළ යුතුයි කියන කාරණය කියනවා. මේ පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද? මේ රටේ විවිධ කොමිසන් සභා පිහිටුවා විමර්ශන සිදු කළත් ආණ්ඩුව එහි සැබෑ ස්වරූපය දන්නේ එය කළේ ඔවුන්ම නිසාය.

නමුත් අපි කියන්න ඕන ඇත්ත වසන් කරලා තවත් ජාතිවාදයක් මතුකරනවා නම් මේ දේශපාලකයෝ දේශපාලන පුටුවෙන් එළවනකම් අපි කවදාහරි දවසක විපතට පත් ජනතාවට ඇත්ත කියනවා.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article