පසුගිය 05 වනදා මුලතිව් මුහුදේ දිය නෑමට ගිය පුද්ගයන් තිදෙනෙකු අතුරුදන් වූ අතර දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට ගොඩගෙන තිබෙනවා. මොවුන් මුලතිව් වෙරළ ආසන්නයේ දිය නාමින් සිටියදී හදිසියේ දියේ ගිලී ඇත. පොලිසිය, නාවික හමුදාව සහ මහජනතාව එක්ව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළා.
ටෝනිකල් ප්‍රදේශයේ පදිංචි මනෝකරන් ධනුෂන් (අවු. 27), සිවලිංගම් සකිලන් (අවු. 26) සහ විජයකුමාරන් දර්ශන් (අවු. 26) යන තරුණයන් මුහුදේ දී අතුරුදන් වූ තරුණයන් අතර වෙති.
මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන්වු තිදෙනාගෙන් දෙදෙනෙක් හමුවෙයි
