මුලතිව් දිස්ති‍්‍රක්කයේ පාසලක උගන්වන ගුරුවරයෙකු සහ සිසුන් පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර සහ ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පා කාන්තාවන් පිරිසක් පසුගිය දා මුලතිව් නගරයේදේ සාමාකාමි විරෝධතාවයක නිරත වූහ. මෙම අපචාරයට සම්බන්ධ අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී නොසිටින ලෙසත් ඔවුන්ට උපරිම දඩුවම් ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් රැසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරයෙකු සහ සිසුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිසුන් 05 දෙනෙකුට අධිකරණයේදී ඇප නියම වී ඇත. ඒ අතර මෙම සිදුවිම් වලට සම්බන්ධ තවත් සිසුන් සෙවීමට පොලීසිය වැඩිදුර පියවර ගෙන තිබෙනවා.
ෂන්මුගම් තවසීලන්