Thursday, January 23, 2025

මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය හෙළා දකියි

Must read



මුලතිව් ප්‍රදේශයේ මාධ්‍යවේදි විශ්වලිංගම් විසාවචන්ද්‍රන් මහතාට හමුදාව විසින් සිදුකළ පහරදීම හෙළා දකිමින් මුලතිව් මාධ්‍ය සමාජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය මුලතිව් මාධ්‍ය සමාජයේ මාධ්‍යෙව්දීන් හෙළා දකියි.

මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී සහ මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විසාවචන්ද්‍රන් මහතාට මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් අද (2021.11.28 ඉරිදා) මුලතිව් ප්‍රදේශයේ ජන උද්ඝෝෂණයක් පැවැත්විණි.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය උතුරු පළාතේ විවිධ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාව එක්ව සංවිධානය කර තිබුණි.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික සහ ස්වාධීන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා 27.11.21 දින උදෑසන මුල්ලිවයික්කාල් හි නැගෙනහිර ප්‍රදේශයේ ‘මුල්ලිවයික්කාල්’ සඳහා වූ පුවරුවක් රූගත කරමින් සිටියදී හමුදාව විසින් අල්ලා ගන්නා ලදී.

උදරයට, අත්වලට සහ පාදවලට තුවාල සිදු වූ ඔහු මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම මාධ්‍යවේදියාගේ කැමරාවක්, ජංගම දුරකථනයක් වැනි භාණ්ඩද භට පිරිස් විසින් රාජසන්තක කර ඇති අතර එහි කඳටද හානි කර ඇත.

අභියෝග සහ තර්ජන රැසක් මධ්‍යයේ අභීතව මාධ්‍ය සේවය කළ වී.විශ්වචන්ද්‍රන්ගේ වධහිංසාව දරුණුතම මානව හිමිකම් කඩවීමක් මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල වූ ලොකුම තර්ජනයකි.

සමකාලීන වහල්භාවය, එහි හේතු සහ විසඳුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබකොඩ ශ්‍රී ලංකාවේ සිටින අතරතුර, සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස බැට කෑ මුලතිව් දිස්ත්‍රික්කයේ, තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වී නොමැති, තත්වයක මාධ්‍යවේදීන්ට පහරදීම සිදුව තිබේ.

සිද්ධිය වාර්තා කරන මාධ්‍යවේදීන්ට පහරදීම රට පුරා, විශේෂයෙන් උතුරු නැඟෙනහිර දිගින් දිගටම වැඩිවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් පොලිසියට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. ඕනෑම අපරාධයක් කර එයින් ගැලවිය හැකි යැයි සිතීමේ ප්‍රවණතාවක් ඇති කර ඇත්තේ රාජ්‍යයේ මෙම ස්ථාවරයයි. පැමිණිල්ල විභාග කර නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් මාධ්‍යවේදීන්ට පහරදීම් සිදු නොවනු ඇති අතර ශ්‍රී ලංකා රජය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩාකප්පල් කිරීමට සැලසුම් කරයි.

(මුලතිව් දිස්ති‍්‍රක්කයේ සේවය කරන විවිධ මාධ්‍යවේදීන්ට පහර දෙන බවට පසුගිය කාලයේ හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම තර්ජන කළද නිසි අධිකරණ පරීක්ෂණ සිදු නොවීම හේතුවෙන් අද තවත් මාධ්‍යවේදියෙකුට වධහිංසා පැමිණ තිබේ.)

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිව්වැනි කුළුණ වන මාධ්‍යයට එරෙහිව ආරක්‍ෂක අංශ සිදුකරන මෙවැනි ම්ලේච්ඡ කි‍්‍රයාවන් ස්වාධීන හා ඵලදායී මාධ්‍ය ක‍්‍රියාවලියක මළගමකි.

පසුගිය කාලය තුළ දෙමළ මාධ්‍යවේදීන් 44 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඝාතනය කර ඇති අතර, දිගින් දිගටම යුක්තිය පසිඳලීමට අපොහොසත්වී ඇත. දෙමළ මාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් තර්ජන, හිරිහැර සහ වධහිංසා පැමිණවීම කණගාටුවට කරුණකි.

මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය කටයුතුවලට බාධා කරමින් තර්ජනය කරමින් යුද හමුදාවේ කි‍්‍රයාකලාපය තරයේ හෙළා දකින අතර මාධ්‍ය සහ ජාත්‍යන්තර සංවිධානවල ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ සියලූ පාර්ශ්වයන්ගෙන් නිසි පියවර ගන්නා ලෙස මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

මුලතිව් මාධ්‍ය සමාජය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article