මුලතිව් දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 800කට රු.2500 බැගින් සහන බෙදාදීමක් ඊයේ සිදුකරන ලදී. මේ ආකාරයට මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරයිපුතු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන පවුල් 300කට සහන මල්ල බෙදාදීමේ උත්සවය ඊයේ (21) පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයේදී ආරම්භ විය.
පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුකායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන පවුල් 300ක් සඳහා සහන පැකේජ බෙදාදුන් අතර, මෙම අවස්ථාවට තුනුකායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන පවුල් 200ක් සඳහා අඛණ්ඩව සහන පැකේජ බෙදා දුන් අතර මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරීහු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
ෂන්මුගම් තවසීලන්