Saturday, September 21, 2024

මාධ්‍යවේදියාට සිදුකළ පහරදීම ගැන සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – රාසමාණික්කම්

Must read




පසුගිය 27 වනදා මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකුට එල්ල වූ හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කියන් රාසමාණික්කම් මහතා ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් පා.මන්ත්‍රී රාසමානික්කම් මහතා විසින් ප්‍රකාශයක් සිදුකර ඇති අතර ඔහුගේ එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සදහන් වේ.

මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදියෙකුට පසුගිය 27 වනදා යුද හමුදාව ප්‍රහාරයක් එල්ල කරන ලදී. මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් බරපතළ තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

පසුගිය 27 වැනිදා මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියෙකු එම ප්‍රවෘත්තිය ආවරණය කිරීම සඳහා මුලතිව් වෙත ගොස් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මුල්ලිවයික්කාල් නාම පුවරුවේ ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල විය.

ප්‍රදේශයේ ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටි සෙබළුන් හතර දෙනෙකු ඔහුගෙන් ප්‍රශ්න කරන විට තමන් හඳුනා ගන්නා ලෙස ඉල්ලා ඔහුගේ හැඳුනුම්පත පෙන්වීමට උත්සාහ කිරීමේදී මාධ්‍යවේදියාට හමුදා සෙබළුන් පහර දී ඇත.

මෙම සෙබලුන් රාජකාරි නොවන නිල ඇඳුමින් සැරසී හමුදා නිල ඇඳුමින් හා කොට කලිසම සහ ටී-ෂර්ට් දමාගෙන සිට ඇති බව එතැනින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී යුද හමුදාව භාවිත කළ කොළ පැහැති තල් කොළයක කටු කම්බිවලින් ඔතා තිබූ ආයුධයක් සොයාගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. වින්දිත මාධ්‍යවේදියාට යුක්තිය ඉටුවිය යුතුයි.

රටේ මෑතකාලීන සිදුවීම් දෙස බලන විට අපට එක් බියක් මතුවන අතර රට හමුදාකරණයක් කරා ගමන් කරනවාද යන්න සැක සහිතය.

යුද හමුදාපතිවරයා සහ සරත් වීරසේකර ඇමැතිවරයා මේ ගැන මුනිවත රකිමින් සිටීම කනගාටුදායකය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කඩිනම් පියවරක් ගත යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. වත්මන් රජය යටතේ දරුණුතම මාධ්‍ය මර්දනය සහ මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී තිබේ.

වත්මන් රජය බලයට පත් වූයේ මේ තත්ත්වය තුළ මාධ්‍යවේදීන්ට තර්ජනයක් නොවන බව පවසමිනි. නමුත් වත්මන් රජය යටතේ නැවතත් මාධ්‍යවේදීන් මර්දනය වැඩිවෙලා.

විශේෂයෙන්ම වැරදි පෙන්වා දෙන මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමට කැඳවා තර්ජනය කරති. මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුයි.

මේ ආණ්‌ඩුව පවතින කාලය තුළ මේ ජනතාව බොහෝ දුක්‌ විඳිමින් දුක්‌ විඳිමින් සිටිනවා.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article