Saturday, September 21, 2024

මාදම්පේ පොලීසියේදි පොලිස් නිලධාරියෙකු සිය දිවි නසාගෙන ?

Must read

 

මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් ස්ථානය තුළදීම ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත. ඔහුගේ  සිරුර 16 වැනිදා අළුයම මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ.  මිය ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල් 37724 සිවායම් ඩයස් (අවු:26) නම් අයෙකි.  හෙතෙම යාපනය  – කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් චානක උදයංග මහතා  සහ හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශණ කටයුතු සිදු කරන ලදි.අනතුරුව මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කරන ලදි.

මිය ගොස් ඇති අය කුලියාපිටිය – දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි සිංහල ජාතික තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, එයට දෙපාර්ශවයේ පවුල් විරෝධතාවයක් දක්වා ඇති බවද මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article