Friday, September 20, 2024

මඩකලපුව TNA ප්‍රා.සභා දෙකක අයවැය සම්මතයි

Must read



මඩකලපුවේ දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ප්‍රාදේශීය සභා දෙකක අයවැය යෝජනා ඊයේ (11) ඒකමතිකව සම්මත විය.

මඩකලපුව මන්මුනෙයි දකුණු එරුවිල් පත්තු ප්‍රාදේශීය සභාව 2022 වසර සඳහා අයවැය ඒකමතිකව හා සහයෝගයෙන් සම්මත කරන ලදී. මන්මුනේ දකුණු එරුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.යෝගනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම සභාව රැස්විය. මෙම සභාව දෙමළ ජාතික සන්ධානය යටතේ පාලනය වන ප්‍රා.සභාවකි.
ඒ සමඟම මඩකලපුව එරාවුර්පත්තු ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික සහයෝගයෙන් සම්මත විය.

දෙමළ ජාතික සන්ධානයේ පාලනය යටතේ පවතින සභාව එම සභාවේ සභාපති එස්.සර්වානන්දම් මහතා විසින් අයවැය වාර්තාව අද සභාගත කරන අවස්ථාවේ දී එය සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article