Friday, September 20, 2024

මඩකලපුවට අලුත් පොලීසියක්

Must read


පොලිස් ස්ථාන 4ක් පිහිටුවීමේ සැලැස්ම යටතේ පළමු නව පොලිස් ස්ථානයක් බ්‍රහස්පතින්දා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව – කොළඹ මහාමාර්ග මංසන්ධියේදී විවෘත කෙරිණි. මඩකලපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක, මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.එච්. සුදත් මාරසිංහ ඇතුළු මඩකලපුව දිස්ත්‍රික් පොලිස් ස්ථාන භාර නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ආගමික නායකයන්, ප්‍රජා නායකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම පොලිස් ස්ථානය මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති පොලිස් ස්ථාන 12 අමතරව එක්වූ 13 වන පොලිස් ස්ථානයයි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article