Thursday, December 26, 2024

පොතුවිල් ප්‍රදේශයේ ඉඩම් ආක්‍රමණයට ජනතාවගේ විරෝධය

Must read

තිරුකෝවිල් සංගමන්කණ්ඩි තණ්ඩියාඩි ප්‍රදේශයේ සිකුරාදා (10) රාත්‍රියේ හදිසියේ ප්‍රධාන මාර්ගයේ බුද්ධ ප්‍රතිමාවක් සවිකිරීම හේතුවෙන් එම ප්‍රදේශය දැඩි නොසන්සුන්තාවක් ඇතිවී තිබූ අතර එය හෙළා දකිමින් ප්‍රදේශවාසීන් පසුගිය (11) විරෝධතාවයක නිරත වුහ.
පොතුවිල් කල්මුණේ ප්‍රධාන මාර්ගය සහ සංගමන්ගන්ඩි අතර වනයේ හදිසියේ මෙම බුදු පිළිමය තැන්පත් කර ඇති අතර පොතුවිල් ප්‍රදේශයේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද මෙම ස්ථානයට වැඩම කර සිටියහ.
මේ බව දැනගත් ප්‍රදේශයේ ජනතාව ඇතුළු මහජන නියෝජිතයෝ අලුයම 5 සිට මෙහි රැස්වී මෙම ක්‍රියාවට විරෝධය දැක්වූයේ මෙම ක්‍රියාව ඉඩම් ආක්‍රමනයක් ලෙස සලකමිනි.
පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ රහීම්, කරෙයිතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසිරිල්, තිරුකෝවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති කමලරාජන් යන මහත්වරුද විරෝධතාවයේ නිරත ජනතාව සමඟ එක්ව සිටියහ.
ප්‍රතිමාව ඉවත් කරන තුරු මෙතැනින් නොයන බවට විරෝධතාකරුවන් ප්‍රතිඥා දෙන ලදී. පසුව එම ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත්කරන ලදි.
සිද්ධිය වූ ස්ථානයේ පොතුවිල් සහ තිරුකෝවිල් යන ප්‍රදේශවලටද පොලිසිය ආරක්රෂාව යොදවා තිබෙනු දක්නට ලැබිණි.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article