Friday, September 20, 2024

පුදුකුඩිරිප්පු හි පා පැදි සොරකම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට

Must read

කලක සිට සිදුවූ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ දීර්ග කාලයක සිට සිදුවෙමින් පවතින පා පැදි  සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පා පැදි 15ක් සොයාගෙන තිබෙනවා. මුලතිව් පුදුකුඩිරිප්පු පොලිස් බල ප්‍රදේශයට අයත් ප්‍රදේශවල පා පැදි  සොරකම් කර අලෙවි කරන පුද්ගලයින් ඒම සොරකම සිදුකරන අවස්ථාවේ CCTV කැමරාවේ සටහන් වූ දර්ශනවලින් එම පුද්ගලයා හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන  ඇත.

මෙම කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පුදුකුඩිරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලින් අනතුරුව ඔවුන් හෙට මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article