Wednesday, January 22, 2025

ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්ෂක ආහාර පාරිභෝගිකයින්ට ලබාදීමේ වැඩපිළියවළක් පිළිබඳ සාකච්ඡා

Must read

44ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program)- ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන්
(WFP – World Food Program) මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්
බදියුදීන් මහතා හමු විය.
එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්ල සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත්
පිළිබඳ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහාය ලබා දෙන බව බාටෝන් මහත්මිය පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාරභෝගිකයින්ට ආහාර බෙදා හැරීමේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලාව වන ලංකා සතොස හා සමුපකාර ව්‍යාපාරය රජය සතුව පවතින බවත්ල මේ මගින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ආහාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව ලබාදෙන බවත් එමගින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් රජය යොමු කරන බව පැහැදිලි කළේය.
රජය ක්‍රියාත්මක කර තිබෙන එම වැඩ පිළිවෙළට ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහයෝගය ලබා දෙන බව බාටෝන් මහත්මිය ප්‍රකාශ කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලෝක ආහාර වැඩ සටහනේ නේවාසික නියෝජිත බ්‍රෙන්ඩා බාටෝන් මහත්මිය සමග සාකච්ඡා කළ ආකාරයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article