Tuesday, November 5, 2024

නවසීලන්ත මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක

Must read

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පසුගියදා ත්‍රිකුණාමලයේ  නිල සංචාරයක නිරත විය.  ‌ඒම සංචාරයේදී  මහකොමසාරිස්වරයා ,ත්‍රිකුණාමලයේ ඇලස් වතුයායේ තැන්පත් කර ඇති දෙවන ලෝක යුද සමයේදී මියගිය නවසීලන්ත ජාතිකයින් පස් දෙනෙකුගේ සොහොන් නැරඹීමට ද ගියේය.  මෙම සංචාරයේදී ත්‍රිකුණාමලය නගර සභා මන්ත්‍රීවරුන් අතර සුහද හමුවක් ද  (16 වනදා ) නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ධීවර කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන හිඟය සහ ස්වභාවික පොහොර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සහ ගොවීන් මුහුණ දෙන මූලික ගැටලුවල ප්‍රතිවිපාක පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම ත්‍රිකුණාමලය මුවන් අභයභූමිය සහ ත්‍රිකුණාමලය මැකේසර් ක්‍රීඩා පිටියේ සංවර්ධනය අතහැර දමා ඇති තත්ත්වය පිළිබඳවත්, ත්‍රිකුණාමලය මහ නගර සභාව විසින් සාකච්ඡා කරමින් පවතින ඉදිරි සැලසුම් සහ ව්‍යාපෘති යෝජනා පිළිබඳවත් ත්‍රිකුණාමලය මහ නගර සභාවේ දැනට ක්‍රියාත්මක ක්‍රියාකාරී සැලසුම් පිළිබඳව අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට ත්‍රිකුණාමලය මහ නගර සභාවේ සභාපති එන්.රාජනායගම්, උප සභාපති, ලේකම් සහ වැඩ අධිකාරීවරුන් ද එක්ව සිටිිියහ.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article