Friday, September 20, 2024

දිළිඳු පවුලකට අලුත් නිවසක්

Must read

ස්විට්සර්ලන්තයේ පදිංචි තිරුකුමාර් කලචෙල්වි මහතාගේ සහ එම මහත්මියගේ පවුලේ මුල්‍ය අනුග්‍රහයෙන් පුණ්‍ය මධ්‍යස්ථානයේ නිර්මාතෘ ශක්ති ස්විස් සුරේෂ් සොහොයුරාගේ දායකත්වයෙන් යටතේ දිළිදු පවුලකට  නිවස ඉදිකර පරිත්‍යාග කරන ලදී.

එම පුණ්‍ය මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් භාර ශක්ති සරවනභවානන්දම් තිරුචෙන්දූරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ත්‍රිකුණාමලය වරෝදයනගර් ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස ත්‍රිකුණාමලය පත්නමුම් සමුත්තම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විධායක ග්‍රාම නිලධාරී නාගලිංගම් ජයකාන්තන් මහතා විසින් විවෘත කරන ලද අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාවට වරෝදයනගර් දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී, පුණ්‍ය මධ්‍යස්ථානයේ පුණ්‍ය සේවක සේවිකාවන් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී විය.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article