මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය නාවික හමුදා කඳවුරට ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට අද කොළඹ සිට නිලධාරීන් පැමිණෙන බව දැනගත් ජනතාව ඊට විරෝධය පළ කරමින් වට්ටුවාගල් ගෝඨාභය නාවික හමුදා කඳවුර ඉදිරිපිටට රැස්ව සිටියහ.
එම විරෝධතා ක්‍රියාමාර්ගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් කරෙයිතුරෙයිප්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්නරාසා ලෝකේෂ්වරන් පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ශිවපතම් කුගනේෂන්, ගණපතිපිල්ලේ විජයකුමාර්, ආරුමුගම් ජොන්සන් ඇතුළු දේශපාලන පෞරුෂයන් නියෝජනය කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ගම්වාසීහු රැස්ව සිටියහ.
මෙම අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලදී. විමර්ශන නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් ද එම ප්‍රදේශයට පැමිණ සිටිති.
ඉඩම් මැනීමේ කටයුතු සිදුකිරීමට පැමිණෙන අයට කඳවුර තුළට ඉඩ නොතබන බවත් පැමිණියහොත් ආපසු හරවා යවන බවත් ජනතාව පවසයි.
ෂන්මුගම් තවසීලන්